spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු දේශපාලන අර්බුදයේ රාජිත සාධකය

Must read

මීගමුවේ ශ්‍රිලනිප දේශපාලකයන් දැන් එකාට එකා හැපෙන්නට පටන් ගෙනය. දැන් එය මුහුණට මුහුණ හැප්පෙන ගානට දුරදිග ගොසින්ය.
ලංසා ඇන්ටනි ජයවිර සමගින් හොද නැත.
ලංසාගේ මිතුදම කැඩුන පසු සරත්ගේ ඇසුරට පත් ජයවිර දැන් යළිත් අවුලට යමින් සරත්ට එරෙහිව යුද්ධය ප්‍රකාශ කර තිබේ.
සරත් ගුණරත්න හා නිමල් ලංසා අතර ගැටුම තවදුරටත් උත්සන්න වෙමින් ඉදිරියට ඇදේ.
මෙහිදි මතුවෙන ප්‍රධානතම ප්‍රශ්ණය වන්නේ සරත් ජයවිර ගැටුම ඉතාම නරක තත්වයකට පත්වුයේ කෙසේද යන්නයි.?
මේ හරි මැද කොතනක හෝ රාජිත සාධකය අනිවාර්යෙන්ම තිබේන්නට පුළුවන.
රාජිතගේ සරත් විරෙෝධය මේ අවස්ථාවේ උපරිමයෙන් පාවිච්චි කරන්නට මීගමුවේ ශ්‍රිලනිප දේශපාලනඥන් කල්පනා කරනවා විය යුතුය.
ඇමති රාජිතගේ පුතෙකු මගින් ඇතිකරගත් සමිප සබදතාවක්ද යොදා ගනිමින් ඇමති නිමල් ලංසා ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවටද දැන් අතුලු වි හමාරය.
රාජිත ඇමතිවරයා විසින් නිමල් ලංසා එයට ඇතුළත් කිරිම මගින් තවත් වටයකින් සරත් ගුණරත්නට කැරම් ෂොට් එකක් එල්ල කර තිබේ.
කෙසේ වෙතත් පසුගිය දිනක මීගමුව පුරපති ඇන්ටනි ජයවීර එලිපිටම ෆේස් ටු ෆේස් ගේමක් ඉල්ලා සිටිමින් සරත් ගුණරත්නට අභියෝග කරනු ලබන්නේ කිසියම් හයියක් ඔහු පිටුපස තිබෙන නිසා විය හැකිය.
නැතිනම් සරත්ට අභියෝග කිරි්ම මගින් ශ්‍රිලනිප නව නායකත්වය හා කිසියම් නව ගණුදෙනුවකට යාමට කල්පනා කලා විය යුතුය.
කෙසේ වෙතත් මේ සියල්ල ඉදිරියේදි දිගහැරෙනු ඇත.IMG_1130

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article