spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු නගරාධිපති කාර්ය මණ්ඩලයත් එක්ක සෙට් වුනොත් නලින්ටත් ඉතින් බඩුම තමයි ?

Must read

nalinනලින් පෙරේරා අහිංසකයි . පෙනුම විතරක් නෙමෙයි හැසිරිමත් එහෙම වගේ තමයි පෙන්නේ . හැබැයි අපි ඔබල කාල බලල නම් නැ එයාගේ කල්කිරියාව.නමුත් අවුලක් නම් නැති පාටයි.
මිට අවුරුදු ගානට ඉස්සර වෙලා නම් අපට තිබුණ එයා එක්ක ආරෝවක්. අර ඒ කාලේ කියපු සිංදුවක් ගැන.
තැඹිලි ගෙඩිය මගේ ටිකිරි මැණිකද මොකක්ද කියල සිංදුවක් කිව්වානේ . ඒ සිංදුවට නටන්න බුරි පෙන්නපු නංගිල ඇන්ටිල එහෙමත් වේදිකාවට නැග්ගද මන්ද
කොහොම වුනත් නලින් ප්‍රමුඛ මේරියන්ස් ආවා නිදහස් වෙළද කලාපේ සංදර්ශණයකට . ඒ කාලේ ඉතින් හැම සතියකම සංදර්ශණ . අපි මේ කියන්නේ දැනට අවුරුදු 25 ක ට විතර ඉස්සර කතාවක්.Nalin p
ඒ කාලේ මේ සිංදුවෙන් කාන්තාවන්ව ගෙඩියක් ගානට දාපු නලින්ට  ලොකු විරෝධයක් මතුවෙලා තිබුණා.
ඉතින් ඒ කාලේ අපි මේ සංදර්ශනය තියෙනන දවසේ පාන්දර කලාපේ වටේම පොස්ටර් පාරක් ගැහැව්වා.
මතක හැටියට වචන ටික මේ වගේ
නලින් උඹෙ අම්මද නැත්නම් නංගිද,
උඹ ගෙඩිය කියන්නේ මේ දෙන්නගෙන් කාටද කියල වගේ එකක් තමයි පෝස්ටර් එකේ ලිව්වේ.
ඊට පස්සේ මේ නලින් ගැන යමක් ලියනවමයි.

කාලෙකට පස්සේ නලින් ගැන අපි ලියන කෑල්ල

එකට හේතුවුනේ මිගමු නගරාධිපතිගේ ෆේස් බුක් පිටුවේ තිබුණ දෙයක් දැකල.
එකේ තිබුන නලින් එහෙමත් ආයචනයක් කරනවා පේජ් එකක් හරහා උදව් කරන්න කියල .
ටිකක් උවමනාවෙන් කියවල බැලුව.
ඇත්ත නලින් මේ නිරෝධායනයට ලක්වෙලා ඉන්න පවුල් අමාරුවෙන් තමයි ජිවත් වෙන්නේ .ඒ අයට උදව් කරන එක නම් ලොකු දෙයක් .මේ වෙලාවෙ කව්රු කව්රුත් මේ කටයුත්තට මැදිහත්වෙන්න ඕනා.
මේ කලාපේ වැඩිපුරම ජනප්‍රිත්වයට පත්ව ඇති කලාකරුවෙක්.ඒ ගැන අපි කව්රුත් ආඩම්බරයි.නමුත් මේ වගේ හොද අය පහුගිය කාලේ නාස්තිවෙලා ගියේ කපටි දේශපාලකයන් එක්ක සෙට් විම හින්ද .මේ හින්දම ගැටළුව තියෙන්නේ ඔයා මේ සෙට් වෙලා තියෙන තැන ගැනයි . මොකද ලංකාවේම කුප්‍රකට නගරාධිපති දුෂිතම නගර සභාව මිගමුව කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙමේයි

මිගමුව නගරාධිපති කාර්ය මණ්ඩලයට සෙට් වුනොත් බඩුම තමයිනලින්

බුදු අම්මෝ නලින් කියන්නේ නගරාධිපති කාර්ය මණ්ඩලය තමයිලු සම්බන්ධිකරණය කරන්නේ .
ඇත්තටම අපට නලින් ගැන පව් කියල හිතුන .මොකද එයා අපේ මිපුර කියවන්නේ නැතුව ඇතිනේ .

රු කෝටි 31 කක් ගිණුමේ තිබුන නගරාධිපතිගේ සමිපතම සේවකයෙක් ..
රු කෝටි 31 කක් ගිණුමේ තිබුන නගරාධිපතිගේ සමිපතම සේවකයෙක් ..

එහෙම කියවල තිබුන නම් මිනිහ අඩුම තරමේ තෙල්වත්ත හංදිය පැත්තේ මිනිහගේ වටින කාර් එකවත් නවත්වන්න හිතන එකක් නැ.
හැබැයි නලින් ප්‍රවෘත්ති බලනව නම් අර නගර සභාවේ සෞඛ්‍ය කම්කරුවෙක්ගේ ගිණුමේ රුපියල් කෝටි 31 ක් තිබුන කථාව කියවන්න ඇතිනේ .
ඉතින් ඒ වගේ අය තමයි අඩු වැඩි වශයෙන් නගරාධිපති කාර්ය මන්ඩලය කියල කියන්නේ .මොකද රු කෝටි 31 ක් තිබුණ ඒ සෞඛ්‍ය කම්කරුවා කියන්නේ නගරාධිපති දයාන් ලංසාගේ ලගම බොක්කක් .

ඒ ඇරෙන්න අධ්‍යපාපන සුදුසුකම් ඇතිව ,විනය රෙගුලාසි අකුරට පිළිපැදල විනිවිද භාවයෙන් වැඩකරල නමක් දිනාගත්තු කට්ටියක්ද නගරාධිපති කාර්ය මන්ඩලය කියන්නේ කියල නම් අපට අදහසක් නැ. එහෙම අය එක්කෙනෙක් හරි ඉන්නවා නම් හිත නරක්කරගන්න එපා කියලත් කියන්න කැමැතියි

කව්ද මේ ව්‍යාපෘති කම්කරුවෝ

පහුගිය කාලේ ව්‍යාපෘති කම්කරුවෝ කියල ඇත්තටම පිරිසක් බදව ගත්තා. ඒ මහජන බදු මුදල් වලින් පඩි ගෙවන්න . ව්‍යාපෘති කිව්වම හිතන්නේ කානු , ඩෙංගු මර්ධන වගේ පාරෙ වැඩකරන්න බදව ගත්ත කට්ටියක් ගැන වගේනේ . අනේ නැ .
ඒ ව්‍යාපෘති වලට කියල අරගත්තු සාරි අදින කාත්තාවෝ සෙට් එකක් නගරාධිපතිගේ කාමරෙත් වැඩ කලේ . නිමල් ලංසාගේ ඡන්දෙ දවස්වල ඒ අය නගර සභාවට ඇවිත් ඇගිලි මාක් තියල වැල්ලවිදියේ ජන්ද වැඩවලට ගියේ නැද්ද ,ඉතින් අපි නම් දන්න නගරාධිපති කාර්ය මණ්ඩලය ඒ වගේ එකක්.

නලින් ඇත්තටම ඔයා ගැන පව්

අනික නලින් ඇත්තටම ඔයා ගැන පව්. ඔයා දන්නවද පහුගිය කොරෝනා කාලේ බඩු බෙදන්න කියල විතරක් ලක්ෂ 50 කට වැඩිය මහජන බදුමුදල් මේ නගරාධිපතිලා සෙට් එක ගසා කෑවා කියල.
ඒ විතරක්ද කෝටි 7 ක් වෙච්ච ස්ථිර තැන්පතුවත් අයින්කරගත්ත ඡන්දෙට කලින් . ඒක වියදම් කරල හදපු පාරවල් ආයෙමත් හදන්න ව්‍යාපෘති 72 කක් දැම්ම.
ඒ හින්ද දැන්  නගර සභාව ඇත්තටම බංකොලොත් . ඔයා අවංකව හිතනව ඇත්තේ අසරණ වෙච්ච මිනිස්සු ගැන. නමුත් ඔයා දන්නේ නැනේ නගරාධිපති දයාන් ලංසා මුලු මහනගර සභාව විතරක් නෙමේ බදු ගෙවන ජනතාව ඔක්කොම  අසරණ කරල තියෙන්නේ එයාගේ අයියගේ ඡන්දෙට සල්ලි වියදම් කරල  කියල.
ඔයා මේ කරගහන්නේ ඇත්තටම ඒ පවට.
අද හිඟන්නෙක්ට බත් එකක් දිගන්න බැරි ගානට නගර සභාව පත්වෙලා. නිරෝධායන වෙන අසරණ මිනිස්සු 700 කට වැඩිය ඉන්නවා. එයාලට උදව් කරන්න සල්ලි නැ මොකද ඔක්කොම කාබාසිනියා කරල හින්ද
අපට කියන්න තියෙන්නෙ මෙච්චරයි .

වලංකාරයාගේ වැඩ අවුරුද්දක වැඩ පොලු කාරයට එක දවසයි

වලංකාරයාගේ වැඩ අවුරුද්දක වැඩ පොලු කාරයට එක දවසයි කියල කථාවක් අහල තියෙනවද ?
අපි හිත්නේ ඔයා තමයි වලංකාරය කියල ..අවුරුද්දක් නෙමේ අවුරුදු ගානක් මහන්සි වෙලා යමක් හදල තියෙනවා .වලංම නෙමේ .හැබැයි ඔයා දැන් ඔය සෙට් වෙලා ඉන්න පොලුකාරයන්ට ඔයාගෙ අවුරුදු ගානක වැඩ එක දවසින් කුඩු පට්ටම් කරල ඔයාවත් නන්ත්තාර කරන්න පුලුවන්.
ඒ හින්ද පරිස්සමෙන් , මොකද මිගමුව කියන්නේ ලංකාවේ අංක එකේ දූෂිතම නගර සභාව .
මෙයාලත් එක්ක ගියොත් ඔයාටත් බඩුම තමයි .
අපි නලින්ලට ආදරෙයි. රැකගතයුතුයි

 

මිගමු නගර සභාව කියන හොරගුහාවට උදව් ඉල්ලන්න ගිහින් නලින් පෙරේරාටත් වැඩවරදියිද ?(විඩියෝ )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article