spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රටවිරුවන්ගේ ජිවිත ගැන රාජපක්ෂලාට වගක් නැති හැටි ! 35 ක් දැනටමත් කොරෝනා නිසා මිය ගිහින් ?

Must read

රට විරුවන්ගේ ගැටළු .pngදැනටමත් වාර්ථා වන අන්දමට විදෙස්ගතව සිටින ශ්‍රිලාංකිකයන්ගෙන් බරපතල අර්බුදයකට මුහුණ දි සිටින්නේ මැදපෙරදිග රටවල වෙසෙන අයවලුන්ය.
පසුගිය දා ඔවුන් උද්ගෝෂණයකද නිරත වෙමින් කියා සිටියේ මෙරටට ගෙන්වා ගැනිම ඉක්මන් කරන ලෙසය.
එහෙත් රජයෙන් එය නිසි ප්‍රතිචාර ලැබෙන බවක් නොපෙනේ.
මේ පසුබිම තුල දැනටමත් 35 දෙනෙකුට වැඩි පිරිසක් කොරෝනා හේතුවෙන් මැදපෙරදිගදි මරණයට පත්ව තිබේ.
රටට විදෙස් විනිමය ගෙන මේ අය රටවිරුවන් යැයි ලේබල් ගසා පාලකයන් විසින් එදා උදම් ඇනුවද අද ඒ සැම ජිවිතයත් මරණයත් අතර සටනක් කරද්දි ඔවුන් පමණක් තනිව අසරණව සිටිති.
පසුගිය මැතිවරණවලදිද මේ මැදපෙරදිග සේවකයන් බහුතරයක් රාජපක්ෂ පාලනයක් වෙනුවෙන් ෆේස් බුක් හරහා මෙන්ම විවිධ අයුරින් රාජපක්ෂලාට පක්ෂය කටයුුතු කර තිබුණි.
දැන් රාජපක්ෂලා විසින් නොසලකා හැර ඇත්තේද ඔවුන්මය.
මේ අතර රටතුල මතුවෙමින් ඇති දෙවන කොරෝනා රැල්ලක් අභියස දැන් රජය තවත් තීන්දුවක් ගෙන තිබේ. එනම් විදෙස් රටවලින් ශ්‍රිලාංකිකයන් මෙරටට ගෙන්වන වැඩපිළිවෙල ලබන සතියේ සිට තාවකාලිකව නවතා දැමිමටය.
ඒ අනුව එහි බරපතලම තත්වය අතිවිඳිනු ඇත්තේ මැදපෙරදිග සිට ශ්‍රිලාංකිකයන් විම අනිවාර්යයකි. මන්ද ශ්‍රිලංකාව තුල කොරෝනා හේතුවෙන් මරණ 11 ක් පමණක් වාර්ථා වෙද්දි මැදපෙරදිගදි ශ්‍රිලාංකියන් 35 දෙනෙකු මිය ගොස් තිබිමය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article