spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රිය අනතුරකට ලක්වු තරුණයකුගේ වකුගඩු දන් දීලා

Must read

බිබිලේ තරුණයෙකු රිය අනතුරකින් බරපතල තුවාල ලබා අම්පාර මුලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොලය මිය ගියායින් පසු වකුගඩු ගලවා දන්දිමට ඔහුගේ දෙමාපියන් කටයුතු කර තිබේ.
බිබිල දැවකැටිය ගම්මානයේ පදිංචිව සිටි කේ.වයි ලක්ෂාන් ප්‍රමෝද්‍ය 19 තරුණයාගේ වකුගඩු දෙක ගලවා දන්දී තිබේ.
වකුගඩු අක්‍රීයට රෝගීව සිටි කිලිනොච්චියේ දමිල කාන්තාවකට සහ කුරුණැගල තරුණයෙකුට මෙම තරුණයාගේ වකුගඩු දෙක සාර්ථකව බද්ධකර තිබේ.
අම්පාර මහ රෝහලේ  දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී තරුණයාගේ මොලය මියගොස් ඇති බවත් කෘතීම සුවසන පද්ධතිය රෝගියාගෙන් ගලවා ඉවත් කළ පසු මුලු ශරීරයම මිය යන බව වෛද්‍යවරුන් තරුණයාගේ දෙමාපියන්ට පැවසීමෙන් අනතුරුව තම දරුවා සුව කිරීමට නොහැකි බව දැනගත් දෙමාපියන් දරුවාගේ වකුගඩු දෙක ගලවා දන්දීමට කටයුතු කර තිබේ.
අම්පාර මහ රෝහලේ වෛද්‍යවරුන් තරුණයාගේ වකුගඩු ඉවත් කර පසුව කෘතීම ස්වසන පද්ධතිය ගැලවීමෙන් පසු තරුණයාගේ මුලු ශරීරයම මියගොස් තිබේ.
මිය ගිය තරුණයාගේ පියා වන වයි.කේ සරත් ඉන්ද්‍රපාල මහතා මෙසේ පැවසීය.
මට දරුවන් පස්දෙනෙක් ඉන්නවා අනතුරට ලක්වුනේ බාලම පුතා යතුරු පැදියක ගිය පුතා ත්‍රිවිලර් රථයක එකිනෙකට ගැටීමෙන් අනතුරට ලක්වුනා.
බිබිල,බදුල්ල යන රෝහල් වලදී ප්‍රතිකාර ලබා  අම්පාර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී වෛදයවරුන් මගේ දරුවාගේ මොලය මියගොස් ඇති බවත් කෘතීම සුවසන පද්ධතිය රෝගියාගෙන් ගලවා ඉවත් කළ පසු මිය යන බවත් පැවසිමෙන් අනතුරුව මමත් බිරිදත් පවුලේ අයත් එක්ව මියයන දරුවාගේ වකුගඩු දන්දුන්නා මගේ දරුවා මියගියත් දරුවාගේ වකුගඩු දෙකින් දෙන්නෙක් ජීවත්විමති අපිට සතුටක්.
මිය ගිය තරුණයාගේ මව එල්.එච් කුමුදුනි මෙසේ කීය.
මගේ පුතා මිය ගියත් එයා ලොකු පිනක් කරගත්තා පුතාගේ තුන්මාසේ දානයට පුතාගේ වකුගඩු දෙකින් ජීවන් වන දෙදනා මට දැකගන්න ඕනී ඒක මගේ ප්‍රාර්තනාවක් යැයි පැවසීය.
මියගිය ලක්ෂාන් ප්‍රමෝද්‍යගේ දේහය පෙරේදා 23 දින පවුලේ,මිතුරන්ගේ හා  ප්‍රදේශවාසීන්ගේ සෝ සුසුම් මැද මිහිදන් කළාය.
www.dinamina.lk

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article