spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රිෂාඩ්ගේ මිගමු ගෝලයාට මොකද දැන් වෙන්නේ ?

Must read

Rishardරිෂාඩ් බදුර්දින් යනු මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ වැඩිම කථාබහට ලක්වු දේශපාලකයාය.ඔහු ඇතුළු මුස්ලිම් දේශපාලකයන් පිරිසක් ඉවත්කරන්නට යැයි කියමින් පාර්ලිෙම්න්තු මන්ත්‍රි රතන හිමියන් මරාන්තික උපවාසයකට වාඩි වි පසුව එය අතහැර දමා තිබුණි.
මේ අතර රතනහිමියන්ගේ උපවාසයට සහය පළකරමින් වෙන කිසිදිනක නොවු ආකාරයෙන් හදිස්සියේම මිගමුව නගරය තුලද විරෝධතාවයක් සංවිධානය කොට තිබුණි.
පසුව කරුණු ආනාවරණය වි තිබුනේ එය මිගමුව නගරාධිපති දයාන් ලංසා විසින්  පඩි සහිතවම මිගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන්ද සහභාගිකරවා කරන ලද එකක් බවය.
කෙසේ වෙතත් මතුව ආ මුස්ලිම් විරෝධය කදිම දේශපාලන පිළිතුරක් සපයමින් නිදහසින් පසු ඉතිහාසයේ පළමු වතාවට කිසිදු මුස්ලිම් ඇමතිවරයෙකු නැති කැබිනට් මණ්ඩලයක් ඉතිරුකොට තබමින් සියළු මුස්ලිම් ඇමතිවරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වි තිබුණි.
මේ ඉල්ලා අස්විමත් සමගින් දැන් බරපතල අර්බුදයකට ගොස් සිටින්නේ මිගමුව මහනගර සභාවේ රිෂාඩ් බදුර්දින්ගේ මිගමු නියෝජිතයා වන නාගරික මන්ත්‍රි ඊෂාක් නැමැත්තාය.
ලංසා පවුලට බලය ලබාදිම සදහා ඔහු වරදාන රැසක් සමගින්ය එක්ව තිබුණි. දැන් ඔහුට දේශපාලන තරු පෙනෙන්නට පටන්ගෙන ඇත්තේ තම නායකයාට එරෙහිව තමන් සභාපතිත්වය දරන සෞඛ්‍ය කමිටුවේ කම්කරුවන්ද පාරට පස්සවා තමන් බලය ගන්නට අත්දෙකම ඔසවා සහය පළකර නගාරාධිපති දායන් ලංසා විසින්.  කටයුතු කර තිබෙන ආකාරය නිසාය.
ඊෂාක් තවදුරටත් සිය දේශපාලන අනාගතය සිය දිවි හානිකරගැනිමට ලක්නොකරගන්නේ නම් කළ යුතු ව ඇත්තේ ලංසා පාලනය එරෙහිව ස්වාධින විමය.
ඒ තම නායකයා වු රිෂාඩ් බදුර්දින්ට එරෙහිව ලංසා පවුල විසින් ගෙන  ඇති විරෝධයට එරෙහිව යාම ලකුණු කොට තැබිම සදහාය.
එහෙත් ඊෂාක් යනු වරදාන වලට පෙරේත අයෙකු ලෙස දැන් මුස්ලිම් සමාජය විසින් පැහැදිලි ලෙස තේරුම් ගෙන ඇත.
එය ඇත්තද නැද්ද යන රටට කිමට දැන් අවස්ථාව ඇත්තේද ඊෂාක් හටමය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article