spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

”රොයිස් තවමත් සැකකරුවෙක් පමණයි , වැරදිකරුවෙක් නොවේ.” එජාප මහලේකම් තිස්ස අත්තනායක පවසයි.

Must read

ඊයේ මාර්තු 11 වනදා සවස  මීගමුව වැල්ලවීදිය ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ  රැස්වීමක් පැවැත්විණි. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පා.මන්ත්‍රී තිස්ත අත්තනායක  මහතා සහභාගී විය.
එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුවිය යුතු කරුණු කීපයක්  ඉදිරිපත්කරමින් ඔහු කියා සිටියේ  ජන්දපොළට ගෙන්වාගත යුතු පිරිස් තුන්වර්ගයක් සිටින බවයි. එක් කොටසක් එක්සත් ජාතික පක්ෂය හැරගිය මෙන්ම පක්ෂයට විරුද්ධ පිරිස් වන අතර අනෙක් වර්ගය ආණ්ඩු පක්ෂය හැරගිය කලකිරුණු පිරිස් බවයි. අනෙක් පිරිස තම ජන්දය තවමත් භාවිතා නොකළ පළමු වරට ජන්දය පාවිච්චි කරන තරුණ පිරිස් බව ඔහු කියා සිටියේය.  මෙම පිරිස රැකියා විරහිතව මෙන්ම විවිධ පීඩාවන් නිසා   කලකිරී සිටින බවද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කලේය. එම කණ්ඩායම් දිනා ගැනීමට කටයුතු කළ යුතු බව පැවසූ ඒ මහතා රොයිස් පිළිබදව ද ප්‍රකාශ කරන ලදී. රොයිස් විජිත ප්‍රනාන්දු මහතා මේ වනතෙක් සැකකරුවෙක් පමණක් බවත් වැරදිකරුවෙකු නොවන බවත් ඔහුට ඡන්දය ලබාදෙන ලෙසද පවසා සිටියේය. මේ  දිනවල  සිදුකරන මැතිවරණ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන්  කතා කළ ඒ මහතා කියා සිටියේ ප්‍රධානම මැතිවරණ දූෂණ ක්‍රියාව සිදුකරන්නේ ජනාධීපතිතුමා බවයි. පසුගියදා රූපවාහිනය නාලිකා ඔස්සේ ජනාධිපතිරයාගෙන් ප්‍රශ්න අසන්නට අවස්ථාවක් දීමත්් ජනතාවට කතාකිරීමත් උදහරණයට ගිනිමින් තිස්ස අත්තනායක මහතා ඒ බව ප්‍රකාශ කර සිටියේය.

DSC05130

DSC05133

DSC05122

DSC05135

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article