spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලොක්කන්ගේ වැරදි නිසා අර්බුදයට ගිය මිගමුව සමුපේ ?

Must read

bribery-1newමිගමුව සමුපාකාරය පසුගිය කාලය තුල මහනගර සභාව මෙන්ම පුවත් මවන තැනක් බවට පත්ව තිබේ. එයට හේතුව වි ඇත්තේ සමුපාකාරයේ ලොක්කන් බවට පත්ව සිටි ප්‍රධානින්  ජාවාරම්කාරයන් වීම නිසාය.
මෙහිදි වැඩිම චෝදනා එල්ලවි තිබුනේ  සමුපේ සභාපතිට සහ එහි උපසභාපති හටය.
මේ මගඩි සෙල්ලම්  කොයිතරම් ද කියනවා නම් බැංකුවලින් මෙන්ම සමුපාකාර කොමසාරිස්වරයාගෙන් පාවා අනතුරු ඇගවිමේ ලිපි පවා ලැබුණි.
උප සභාපතිවරයා සහ සභාපතිවරයා තරඟයට මෙන්ම සිදුකරන්නට යෙදුන නීති විරෝධි ක්‍රියාවන් හේතුකොට ගෙන සමුපාකාරය දිනෙන් දිනම අභාවයට ගියේය.
සමුපකාරයට පරිඝණක ගත කිරිමේ කටයුත්තට අදාලව කාරණා සිදුව තිබුනේ මේ උපසභාපතිගේ පරිඝණක ආයතනය හරහාය.
එතින්න නොනැවති බෑග් සෙල්ලමක් පටන් ගෙන  තිබුණි.
. ගිය වසරේ ද මෙය සිදුකර තිබුණි.
සණස ආයතනයකින් අදාල දැ ගන්නේ නම් එය ටෙන්ඩර් කළ යුතු නොවේ.
මේ නීතියට මුවා වි උප සභාපතිවරයා අඟුරුකාරමුල්ලේ සණස සමිතියෙන් බෑග් 2000 ක් පමණ මිළට ගෙන තිබුණි
ඒ සමුපාකාරයේ සමාජිකයන් හට අලෙවි කිරිම සදහාය.
මෙහි හොදම මගඩිය වුෙය් අගුරුකාරමුල්ලේ සණස සමිතියේ සභාපතිවරයා වන්නේ ද මේ උපසභාපතිවරයාම විමය.
කෙසේ වෙතත් සමුපාකාරයේ මුදල් යොදවා ගනු ලැබු මේ පාසැල් බෑග් දැන් අලෙවිකර ගත නොහැකිව ඔහේ ගොඩ ගසා තිබේ. මේ මුදල සමුපාකාරයේ පාරිභෝගික අංශයට යෙදවුයේ නම් ඉන් පැහැදිලි ලාභයක් ගත හැකිව තිබුණි.
සභාපතිවරයාද මිට දෙවනි නොවේ.
කෙසේ වෙතත් මේ ලොක්කන්ගේ මේ අවලං සෙල්ලන් නිසා දැන් සමුපකාරය දැවැන්ත අර්බුදයකට මුහුණ දි තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article