spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලොව ආරක්ෂිතම යැයි කියූ කාසියෙත් දෝෂ…

Must read

මේ වන තෙක් වැඩිම ආරක්ෂිත තත්වයක් පෙන්නුම් කරන කාසිය ලෙස හැදින්වූ හා අළුතින්ම සංසරණයට එක්වූ පැති 12ක් සහිත පවුම් එකක කාසිය මේ වන විට මතභේදාත්මක තත්වයකට පත්ව තිබෙනවා. ඒ එම කාසි වල ඉරිතැලීම් හා කාසියේ මැද කොටස කැඩීයාමට පටන් ගැනීමයි. මේ වන විටත් එසේ කොටස් කැඩී ගිය හා ඉරිතැලීම් වලට ලක්වූ කාසි ebay හරහා විකිණීමට එක් කර තිබෙනවා. මෙසේ ebay හරහා කාසි විකිණීමට එක් කර ඇති පුද්ගලයන් පවසන්නේ කාසි නිපදවීමේ දී ඇතිවී ඇති දෝෂයක් හේතුවෙන් මේ ආකාරයෙන් කාසි වෙන්වීමට පටන්ගෙන ඇති බවයි. මේ ආකාරයෙන් විනාශ වූ කාසි කොපමණ ප්‍රමාණයක් ඇත්දැයි යන්න පිලිබදව මේ වන තෙක් කිසිවක් පැවසිය නොහැකි බවත් ඒ පිරිස් පවසනවා.

නමුත් මෙම කාසි නිපදවීමේ කාර්‍ය සිදුකරන රෝයල් මින්ට් ආයතනය පවසන්නේ තම ආයතනය දැඩි තත්ව පාලනයක් සිදු කරන නිසා මෙවැනි සිදුවීමක් සිදුවිය නොහැකි බවයි. එලෙසම ව්‍යාජ කාසි නිපදවීමක් තම ආයතනය මගින් සිදුනොවූ බවත් පවසන් ඔවුන් වැඩි දුරටත් පවසන්නේ කලාතුරකින් සුළු තාක්ෂණික දෝෂ ඇති විය හැකි බවයි.නමුත් මේ ආකාරයේ සිදුවීමක් සිදුවීම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මැද කොටස වෙන් වී ඇති පවුම් 1 කාසියක්
මැද කොටස වෙන් වී ඇති පවුම් 1 කාසියක්

pound-coin

 

http://www.independent.co.uk ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article