spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වසංගතය හමුවේ චීන එන්නත ලබාගත් 82% කගේ හෙට දවස ???

Must read

මෙරට ජනගහනයෙන් 50%ක ප්‍රමාණයකට පසුගිය (17) පස්වරුව වනවිට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා දී අවසන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඒ අනුව මෙරට පුද්ගලයින් එක් කෝටි නව ලක්ෂ 68,195 දෙනෙකු පූර්ණ එන්නත්කරණයට ලක් කර තිබේ.

සයිනෝෆාම් එන්නත – 89 ,73,670 –81.8%
ඇස්ට්‍රාසෙනිකා එන්නත – 949,105 – 8.65%
මොඩර්නා එන්නත – 758,282 –6.91%
ෆයිසර් එන්නත – 243,685 –2.22%
ස්පුට්නික් එන්නත – 43,453 –0.39%


ලෝක පරිමාණයෙන් පැතිර ගිය වසංගතයක් පාලනය කිරිම සදහා සෞඛ්‍ය ඇමතිලාගේ සිට අති බහුතරයක් දෙනා පැණි, මුට්ටි අතහැරිම් වැනි අවිද්‍යාත්මක ක්‍රම ප්‍රචලිත කළ පාලකයන් නිසා අද එහි ප්‍රතිවිපාක රටේ ජනයා විසින් භුක්ති විදිමින් සිටිති.
විද්‍යාත්මක කළමණාකරණයකින් පිටපැන්න ලංකාවේ වසංගත පාලනය එහි ප්‍රතිථලයක් ලෙසින් දැවැන්ත අර්බුදයක් කරා ගමන් කරමින් තිබේ.
රට මුහුණ දි ඇති දැවැන්ත ආර්ථික මුල්‍ය අර්බුදය හමුවේ චිනයේ ඔඩොක්කුවට වැටි ඇති ලංකාව වසංගතයේ පාලනයද චින එන්නත මතටම ලබා දි ඇති ආකාරය පැහැදිලි වන්නේ මේ දක්වා කර ඇති සමස්ත එන්නත්කරණයෙන් 82 % චින එන්නත ලබාදි තිබිමද සමගිනි .

දැනට වාර්තා වන අන්දමට කොරෝනා පාලනය සදහා ඇති එන්නත් වලින් ගුණත්වයෙන් අඩුම එන්නත බව සදහන් වන්නේ චින එන්නත්ය.
ඒමගින් ඇතිකරනු ලබන්නේ යැයි කියන ප්‍රතිශක්තිකරණ කාලය මාස 6 ක් බවද කියැවේ . ෆයිසර් එන්නත විසින් ලබාදිමට නියමිත මාස 9 ක ප්‍රතිශක්තිකරණ හැකියාව මේ අනුව ලංකාවේ අති බහුතරයක් එන්නත් ලාභින් හට නැත.
යකාගේ හැටියට යැයි විමානේ කිව්වා සේ දැන් අප වසංගතයේ පාලනයත් චිනයට ලබාදි හමාරය.

මේ අතර එන්නත්කරණයට ලක් කර සිටින ජනතාවගේ නිවරදි ප‍්‍රතිදේහ පරීක්ෂාවක් වහාම ආරම්භ කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා තිබේ.

වර්තමානයේ එන්නත් ආවරණය නිසා අඩු වෙලා තියෙන මරණ සංඛ්‍යාව හා රෝහල් ගතවීම් සංඛ්‍යාව ඉදිරියේදි පවතින්නේ එන්නතින් ලැබෙන නිසා ඇතිවන ප‍්‍රතිදේහ සහ ප‍්‍රතිශක්තිය මත පදනම මත බවච ඔහු සදහන් කර ඇත.

එබැවින් නිරන්තරයෙන් පර්යේෂණ කටයුතු වල නිරත වෙමින් මේ ප‍්‍රතිශක්තිකරණය කොතරම් දුරට ලංකාවේ පුරවැසියන්ගේ තියෙනවද කෙතරම් දුරට කාලයක් පවතිනවා ද යන්න අවබෝධ කරගෙන තුන්වෙනි මාත‍්‍රාවක් ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු වලට බලධාරීන් සූදානමින් සිටිය යුතුය යැයි ඔහු අවධාරණය කර තිබුණි.

ඒසේ නොවන්නේ නම් අපි මේ ළඟා කර ගත්ත ඉලක්කය එන්නත්කරණය නිසා ඇතිවූ ප‍්‍රතිශක්තිය අවසන් වූ වහාම නැවත වරක් කලින් තිබූ තැනටම ගමන් කිරීමේ හැකියාව තියෙනවා. යැයිද හෙතෙම සඳහන් කළේය.


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article