spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

“ව්‍යවස්ථාව එපා” ස්ටිකර් අලවන්නන් අල්ලයි

Must read

 2017_11$largeimg02_Thursday_2017_113804114
නගරවල විවිධ ස්ථානවල රථවාහන නවතා තැබූ විට, එම වාහනවල එක්තරා කණ්ඩායමක පණිවුඩයක් ඇතුළත් ස්ටිකරයක් අනවසරයෙන් අලවන බවට තොරතුරු ලැබි ඇති බැවින් එම සංවිධානයට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇතැයි ලක්බිම වෙබ් අඩවිය වාර්ථා කරයි
“නව ව්‍යවස්ථාව එපා” යනුවෙන් සඳහන් මෙම ස්ටිකර් කොළඹ නගරයේ හා තදාසන්න නගරවල නවතා තබන වාහනවල අලවන බවට පැමිණිලි රාශියක් ලැබි ඇති අතර එම පැමිණිලි සළකා බැලීමෙන් පසුව අමාත්‍යාංශය විසින් මෙම උපදෙස් ලබා දී ඇත.
ප්‍රසිද්ධ රථගාල් හි නවතා තබන වාහනවල සහ මාර්ගය දෙපස නවතා තබන වාහනවල මෙන්ම සුපිරි වෙළෙඳසල් හි රථගාල්වල නවතා තබන වාහනවල මෙලෙස ස්ටිකරයක් අලවන බවට තොරතුරු ලැබි ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.
යතුරු පැදිවලින් පැමිණෙන පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් ඉතා සුළු කාලයක් ඇතුළත,  නවතා තිබෙන රථවාහනවල මෙම ස්ටිකරය අලවා පිටව යන බව එම පැමිණිලිවල දක්වා ඇත. මේ සියලු පැමිණිලි සැලකිල්ලට ගනිමින් “නව ව්‍යවස්ථාව එපා” ස්ටිකරය අලවන අයට එරෙහිව නිතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය ‍පොලිසියට උපදෙස් දී ඇතිබව තවදුරටත් ලක්බිම වෙබ් අඩවිය වාර්ථා කර සිටි.
(ලක්බිම)
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article