spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විධිමත් එන්නත්කරණයක් නෑ!කම්කරුවන්ගේ ජිවිත අනතුරේ ?

Must read

ලංකාවේ කොරෝනා පාලනය හරියට පිස්සන්ට හැතැක්ම නැති ආකාරයේ එකක් වි ඇති අයුරු දිනෙන් දිනම තහවුරු වෙමින් තිබේ. ඒ් අතර බරපතල අවුල් සහගත බවක් නිර්මාණය වි ඇත්තේ එන්නතකරණය අරභයාය.
විශාල කම්කරුවන් පිරිසක් එකට සේවයේ යෙදෙන නිදහස් වෙළද කලාපය තුලින් වසංගතය පැතිර යාමට ඇති ඉඩ බෙහෙවින්ම වැඩිය. තතු ඒස‌ේ වුවද ඒ කම්කරුවන් හට ප්‍රමුඛතාවය ලබා දි කඩිනමින් එන්නත්කරණය අවසන් කිරිමට තවමත් වැඩපිළිවෙලක් සැකසි ඇති බවත් නොපෙනේ.
මේ නිසාම කර්මාන්ත ශාලා හිමියන්ට පවා මේ ගැන රජයට නැවත නැවතත් මතක් කරන්නට සිදුව තිබේ.වයස අවුරුදු 18ත් 30ත් අතර සේවකයන්ටද කොරෝනා මර්දන එන්නත කඩිනමින් ලබා දෙන ලෙස කර්මාන්තශාලා කිහිපයක හිමිකරුවන් විසින් සෞඛ්‍ය බළධාරීන්ගෙන් ඉල්ලීමක් කිරිමටද පියවර ගෙන ඇතැයි වාර්ථාවේ.
ඊයේ දිනයේ මිපුර වෙබ් අඩවිය අමතා කථා කළ නිදහස් වෙළද කලාප කම්කරුවෙකුගේ පියෙකු කියා සිටියේ තමන් තරුණ පුතුන් දෙදෙනාටම තවමත් එන්නත ලබාගැනිමට නිදහස් වෙළද කලාපය තුල විධිමත් වැඩපිළිවෙලක් සැකසි නැති එවන් දරුවන් විශාල ප්‍රමාණයක් දැඩි අවදානමකට ලක්වෙමින් සිටින බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article