spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විභාග අක්‍රමිතා සිදුකළ මිගමුවේ විදුහල්පති පියතුමා ගැන විභාග ලොක්කෝ නිහඬ ඇයි ?

Must read

fr.jayantha-5විදුහල්පති පියතුමා විසින් සිදුකර ඇති විනය විරෝධි කටයුතු සහ විභාග ප්‍රශ්ණ පත්‍රවලට අදාල වංචාව ගැන ඉතා පැහැදිලි සාක්ෂි අතටම අසුව තිබියදි එයට අදාල පරික්ෂණ විභාග දෙපාර්තමේන්තුවේ බලධාරින් විසින් පසෙකට දමා ඇති බවක් පෙනේ.මේ පැහැදිලි වංචාවට ආදාලව ඇති කරුණුමය සාක්ෂිවලට අදාල ⁣දෑ පොලිස්භාරයට ගෙන පරික්ෂණ කඩිනම් නොකරන්නේ මන්ද යන්න ගැන යුක්තිය අගයන සැම මෙන්ම කතෝලික සභාවේ යුක්තිගරුක පියතුමන්ලාද විමසිල්ලෙන් සිටිති.

කිසිවෙකුටත් ඇතුලුවිම තහනම් කළ විභාග ශාලා පරිශ්‍රයට රියදුරෙකු පැමිණියේ කෙසේද ?

වාර්තා වන අන්දමට සා.මරියා විදුහල්පති පියතුමා වන ජයන්ත වික්‍රමසිංහ විසින් සිදුකරන්නට යෙදුන විභාග අක්‍රමිතාව ගැන පසුගිය බදාදා දිනයේ කන වැකුණ නිලධාරින් සිකුරාදා දිනයේ පාසැලට පැමිණි අවස්ථාවේ විදුහල්පති පියතුමා සිය පරිඝණගයද හැන්ස් ෆී උපාංගද සහිතව වෙනම කාමරයක සිට ඇත.
තවත් කාමරයක ඔහුගේ රියදුරාද සිට ඇති අතර ඒ ඔත්තු බැලිම සදහා විය යුතුය විභාගය පැවැත්වෙන අවස්ථාවේ පිටස්තර කිසිදු අයෙකුට ඇතුලුවිමට නොහැකි යැයි නියෝග දි තිබියදි විදුහල්පති පියතුමගේ රියදුරා පාසැලට රිංගුවේ කෙසේද ? තමන්ගේ කුමන්ත්‍රණයක් අරභයා සමස්ත විභාග නිනි පද්ධතියම මේ අනුව හෑල්ලුවට ලක්කර තිබේ.

කිසිවෙකුටත් ඇතුලුවිම තහනම් කළ විභාග ශාලා පරිශ්‍රයට සරසවි සිසුවෙකු පැමිණියේ කෙසේද ?

පොලිසියත් සමගින් පැමිණි විභාග දෙපාර්තමේන්තුවේ නිළධාරින්ව තවදුරටත් නොමග යන්නට විදුහල්පති පියතුමා  උත්සාහ දරා ඇත.කෙසේ හෝ පැමිණි නිළධාරින් විමසිල්ල නිසා විදුහලේ තවත් රහසිගත අයුරින් පැවැති කාමරයක රැදි සිටි සරසවි සිසුවෙක්වද සොයා ගෙන ඇත.
ගමේ භාෂාවෙන් කියන්නේ බඩු අතේම මාට්ටු වි තිබේ.
සිදු විය යුතුව තිබුනේ විදුහල්පති පියතුමාගේ වැඩතහනම් කොට නිති ප්‍රකාරව කටයුතු කිරිමය.

විදුහල්පති පියතුමා උදව් කරන්නට පෙළඹුන මේ සෙනෙහවත්ත සිසුවා කව්ද ?

වෙනත් ස්ථානවලදි සිදුව තිබුනෙ මෙවැනි අක්‍රමිකතා හමුවේ අදාල පුද්ගලයන් අත්අඩංගුවට ගැනිමට කටයුතු කර තිබුණද වැරදි ගොඩක් සිදුකර ඇති මේ පියතුමාට කාගේ හෝ දේශපාලන රැකවරණයක් ලැබෙමින් ඇති බව දැන් ඉතාමත් පැහැදිලිය.
විභාග දෙපාර්තමේන්තුව මේ කටයුත්තේදි නිසි ලෙසින් නිතිය ඉටුනොකරන්නෙ නම් මෙසේ අක්‍රමිකතා සිදුකරනු ලබන අයට දඩුවම් දිමද අපහසු වනු ඇත.මෙහිදි මතුවෙන තවත් ප්‍රශ්ණයක් තිබේ.එනම් මේ දක්වා පැවැති විභාග ප්‍රශ්ණ පත්‍රවලට අදාලව ජයන්ත පියතුමාගේ වංචා කුමන්ත්‍රණය කෙසේ නම් දියත්ව තිබුනේ ද යන කරුණයි.
තවත් පැණයක් ඉතිරිව තිබේ.කිතුණු සභාවද දණ්ගෙඩියට යවමින් මේසා දැවැන්ත හොර වැඩක් කරන්නට මේ විදුහල්පති පියතුමා පෙළඹුනෛ් කා වෙනුවෙන්ද යන්නයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article