spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හෙක්ටර් අප්පුහාමි පක්ෂ නායකත්වයට කචල් දාන අයව ඉඹලා පිළිගන්නේ ඇයි ?

Must read

1_Ravi6පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පසුගිය  දිනවල  හිටප මුදල්  අමාත්‍යවරයා සමග සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගෙන තිබුණි. වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයේ පැවති උත්සවයකටද රවී කරුණානායක මහතා සහභාගී වී තිබුණේ හෙක්ටර් මන්ත්‍රීවරයාගේ මේ සම්බන්ධතාවයේ ප්‍රතිපළයක් ලෙසිනි. පා.මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා සමගද කලක පටන් සමීප ඇසුරක් පැවත්වූ අතර  පක්ෂයේ නායකයාට එරෙහිව සජිත් ප්‍රේමදාස විසින් ගෙනගිය දේශපාලන ක්‍රියාකාරකම් වලට නාත්තන්ඩිය,මහවැව ආසන වලින් පිරිස් සහභාගී කරන්නටද  කටයුතු කළ අතර පුත්තලම් දිස්ත්‍රික්කයේ එජාප මන්ත්‍රීවරුන්ට වඩා හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයාගේ මේ සම්බන්දතාවය ශක්තිමක් එකක් විය. ඒ හරහා තමන්ගේ දේශපාලන වැඩ වලට සජිත් ප්‍රේමදාස මහතාගෙන් උදව් උපකාර ලබාගත් අතර සජිත් ප්‍රේමදාස මහතාද නායකත්වයට එරෙහිව ගෙනගිය තමන්ගේ කුමන්ත්‍රණ වලට හෙක්ටර් අප්පුහාමිගේ සහය ලබාගත්තේය.
පසුගිය දිනවල රවී කරුණානායක සමග ඇතිකරගත් මේ සම්බන්ධතාවයද එවැනිම එකක් විය හැකි බව පක්ෂයේ ඇතැම් සාමාජිකයන් දැනටමත් සැක පහළ කරති.
පා.මන්ත්‍රී රවි කරුණානායක මහතාටද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ඒමට සිහිනයක් තිඛෙන බව කවුරුත් දන්නා කරුණකි. පසුගියදා ජාඇලදී පැවති එජාප රැස්වීමකදී ජෝශප් මයිකල් මහතා සමගද ගැටුමක් නිර්මාණය කරන්නට රවී කරුණානයක මහතාගේද දායකත්වය ලබාදී තිබුණි. රවී කරුණානායක මහතා ද සජිත් ප්‍රේමදාස මෙන්ම තමන්ගේ පිරිසක් පක්ෂය තුළ වෙනම සංවිධානය කරමින් සිටින බව ට හේතු කාරණා යෙදෙමින් තිඛෙන බව සිදුවන දේ වලින් පෙනී යයි.
හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීරයාගේ මේ අලුත් නෑකමත් එවැනිම ප්‍රවනතාවයක පෙර නිමිත්තක්  දැයි පුත්තලම් දිස්ත්‍රික්කයේ එජාප ක්‍රීයාකාරීන්ගේ කතාබහට ලක්වී තිඛේ.


පයස් ප්‍රනාන්දු/වෙන්නප්පුව

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article