spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොමසාරිස්වරයාත් ,ගණකාධිකාරිවරයාත් දයාන්ගේ ගෝලයන්ට අවුරුදු 2 ක් තිස්සේ සල්ලි හොරාකන්න ඉඩදිලා ?

Must read

Bribe-for-Passport-Police-Verificationමීගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස් පාලනය අසාර්ථක බව මිපුර වෙබ් අඩවිය කරුණු සහිතවම අවස්ථා ගණනාවකදිම ඔප්පු කර සිටියෙමු.
ඒ තොරුතුරු සහිතවමය.
දැන් අප ඒ කියු කරුණු සියල්ල යළි යළිත් සනාථ වෙමින් තිබේ.
රටතුල යහපාලනය ස්ථාපිත කිරිමට සපථ කළ රජයක මීගමුව යනු තවමත් බේරාගැනිමට නොහැකිව ඇති රාජපක්ෂලාගේ කොළනියකි.
එහි ක්‍රියාත්මක වෙමින් ඇත්තේ හොරකමේ  සහ මැරකමේ පාලනයයි.
නිමල් ලංසා පළාත් සභාවේ සිටින සමයේ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට බදවා ගත් උපුල් සහ … යන සේවකයන් දෙදෙනාව ඔහු එම අමාත්‍යංශයෙන් ඉවත් වෙද්දි හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීර හරහා මීගමුව මහනගර සභාවට සම්බන්ධ කර තිබුණි.(මැතිවරණ සමයන්හිදි දයාන් ලංසාගේ වාහනයේ දොරවල් විවෘත කිරිම මේ අයගේ රාජකාරියව පැවැති බව මීගමුවේ ජනයාට රහසක් නොවේ.)
පසුව මේ දෙදෙනාට රාජපක්ෂ උද්‍යානයේ වගකිම ලැබුණි.
ඒ අනුව ක්‍රියාත්මක වු මේ අය විසින් 2015 ජුනි මාසයේ සිට මෙසේ මුදල් ගසා කෑම ආරම්භ කර තිබේ.
එහෙත් මේ ගැන වගක්වත් මීගමුවේ නාගරික කොමසාරිස් සුගත් කුමාරට හෝ ගණකාධිකාරිවරයා වන සුනිල් නැමැත්තාට නොතිබුනේද යන්න බරපතල ගැටළුවකි.ක්ෂේත්‍ර කම්කරුවෙකුට එසේ බරපතල ලෙස වසර 2 ක් තිස්සේ මුදල් හොරකම් කරන්නට ඉඩ තිබුණා නම් ඉන් කියැවෙන්නේ කුමක්ද යන්න ඕනෑම කුඩා දරුවෙකුට හෝ තේරුම්ගැනිමට පුළුවන.
සිදුව තිබුණෙ මිලියන 3 ක මුදල් හොරකම ගැන හෙළිවන්නේද අභ්‍යන්තර විඝණන අංශය විසින් සිදුකරන ලද විමර්ශනයකින් පසුව පමණි.
ඒ අනුව 2015 ජුනි මාසයේ සිට 2017 සැප්තැම්බර් 23 වනදා දක්වා මේ සේවකයන් දෙදෙනා මිලියන 3 ක මුදලක් වංචා කර ඇතැයි දැන් නාගරික කොමසාරිස්වරයාටම පිළිගන්නට සිදුව ඇත.
රාජපක්ෂ උද්‍යානයට එන මීගමුවේ බදුගෙවන ජනයාගෙන් එකතුකර ගත් රුපියල් මිලියන 3 කට
( රු 32,03,740) වැඩිමුදලක් වංචා කර ඇතැයි කියමින් නාගරික කොමසාරිස්වරයා 2017 සැප් 23 දාතමින් ලිපියක් යවමින් වැඩ කෂේත්‍ර කම්කරුවෙකු වු ඩබ්.ආර්.කේ නිරෝෂන් නැමැත්තාගේ සේවය අත්හිටුවා තිබේ.
වැඩ ක්ෂේත්‍ර කම්කරුවෙකුට මහජන මුදල් මිලියන 3 ක් ඉක්මවා අවුරුදු 2යි මාස 3 ක් යනකම් හොරකම් කරන්නට හැකි නම් එවන් ආයතනයක ගණකාධිකාරිවරයෙක් හෝ කොමසාරිස්වරයෙකු සිටිය හැකිද ?
සුගත් කුමාර යනු මීගමුවට පත්ව ආ අසාර්ථකම කොමසාරිස්වරයා යැයි දැන් ඔහු විසින්ට මීගමුවට යළිත්  ඔප්පු කර හමාරය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article