spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හෝටල් සේවකයෙකු ඝාතනය කළ මැර කල්ලිය මාර්තු 24 දක්වා බන්ධනාගාරයට !

Must read

IMG-20200309-WA0053මීගමුව පෙරියමුල්ලේ අන්සාර් හෝටලයේදි බලහත්කාරයෙන්  මත්පැන් පානය කිරිමට යාම නිසා ඇතිව තිබුන ගැටුමක් හේතුවෙන් එහි හෝටල් සේවකයෙකු තියුණු  ආයුධ වලින් කපා කොටා ඝාතනය කොට තවත්  දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකළ මැර කල්ලිය පසුව පොලිසියට භාර විමෙන් අනතුරුව මේ මස 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.
මෙම ප්‍රහාරය සිදුව තිබුණ අවස්ථාවේ සිටම මෙම සිදුවිමෙන් දේශපාලන වාසියක් ගැනිමට මිගමුවේ එක්තරා දේශපාලකයෙකු කටයුතු කර තිබුණ අන්දම අපට වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට තිබේ.
එනම් මේ මැර කල්ලිය අහවල් දේශපාලකයාට අයත් පිරිසක් බව මෙම සිදුවිම වාර්ථා කරන්නට ගොස් සිටි එක්තරා  මාධ්‍යවේදියෙකුට මීගමුවේ පොහොට්ටු දේශපාලකයෙකු විසින් පවසා තිබුණ බව සැලය.
එසේ කිම තුලින් ඔහු උත්සාහ කර තිබුනේ තමන්ගෙන් කන බොන මාධ්‍යවේදින් හරහාද සිය කුමන්ත්‍රණය දියත් කරගැනිමටය.
මේ මැරයන් කාගේ ගෝලයන් වුවද නිතිය අකුරට ඉටුකළ යුතුව ඇත්තේ කවර පාලනයක් යටතේ වුව මේ මැර කල්ලි වලට මෙසේ නිදහසේ මැර ක්‍රියාව වල යෙදිමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු නිසාය.
එබැවින් නිතියේ උපරිම දඩුවම මේ අයට හිමිවිය යුතුමය.
කෙසේ වෙතත් මෙවර මනාප සටනේ අවදානම් කලාපයක සිටින මීගමුවේ මේ පොහොට්ටු දේශපාලකයා මේ මැර කල්ලිය  තමන්ට පැහැදිලි අභියෝගයක්ව ඇති පොහොට්ටුවේම වෙනත් දේශපාලකයන්ගේ යැයි කිමට සැලැසුම් ගත කුමන්ත්‍රණයක නියැලෙන බව පෙනේ.
එහෙත් වඩාත් විශ්වාසදායක ලෙසින් පසුගිය දිනවල අප වෙත දැනගන්නට ලැබුනේ අදාල මැර කණ්ඩායම මිගමුව සංචාරක කලාපයේ එක්තරා හෝටල් හිමියෙක් හා සමිප සබදතාවයක් පවත්වාගෙන යන බවකි.
එපමණක් නොව එකි හෝටල් හිමියා හා මිගමුවේ පොහොට්ටු දේශපාලකයෙකු අතර ඇති සමිප සබදතාවය ගැනද දැනටමත් මිගමුවේ දේශපාලන කවයන් අතර කථා බහට ලක්වෙමින් තිබේ.
මේ නිසා අනික් සිදුවිම් වලදි මෙන්ම මෙම සිදුවිමද පෙරලා මීගමුවේ පොහොට්ටු දේශපාලකයා වෙතටම  බැක් ෆයර් වි ඇති සෙයකි.

මේ අතර පසුගිය දිනක මේ මැර කණ්ඩායමේ පැටිකිරිය ගැන සටහනක් සමාජ මාධ්‍යයක පළව තිබුණි.ඒ ගැන මිගමුවේ ඇතැම් කථාබහක්ද මතුව තිබුණ බවද පෙනුනි..
එහෙත් සැබැවින්ම ඒ සටහන කරුණුමය වශයෙන්ම සත්‍යයෙන් තොර වුවකි.
එවන් හිතළු සමාජගත කිරිමේදි ආදාල පුද්ගලයන් සැබැවින්ම පරිස්සම් විය යුත්තේ එ පල් හෑලි විසින් ඇත්තම තත්වයට කරන බලපැමේ තරම නිසාය.
.ඇතැම් ලියුම්කරුවන් මුහුදින් ගව් ගානක් ඈත සිට මීගමුවේ සැබෑව හරි හැටි නොදැන පල් හැලි ලියා ඒසේ සමාජ ගතකර තිබුණි.තමන් ඇත්ත වශයෙන්ම ඒ ගැන ලියන්නේ නම් මේ මැර කණ්ඩායමේ සැබෑ පැටිකිරිය ගැන දැන සිටිය යුතුය.එසේ නොදැන තමන් හිතන් සිටින  දේ හෝ තමන්ට කව්රුන් හෝ කියු දෙයක් සැබැ පැටිකිරිය නොවන බව අදාල ලියුම්කරු තේරුම් ගත යුතුව තිබේ.
කරුණ නොදැන පොලව නොදැන ලියන හිතළු වලින් සිදුවන්නේ බොරුවක් සමාජ ගත කිිරිමට දරන උත්සාහයක් පමණක් වන අතර තමන් සත්‍යම කරුණු නොදන්නේ නම් අර්ධ සත්‍යයක් සටහන් අතරේ පෙළගස්වන්නේ කා වෙනුවෙන්ද යන ප්‍රශ්ණයද ඒ අනුව පැන නගි.
ලන්දේසි කුළුණ ගැන  සහ තවත් ඉතිහාසමය දැ  ගැන දුර සිට පුස්තකාල පවා අවුස්සා සටහන් තැබිය හැකිවුවද මිගමුවේ සෑබෑ පොලවේ දේශපාලන ගතිකයන් විග්‍රහ කළ හැක්කේ ඒ යථාර්ථයට සමිප අයවලුන් හට මිස ලන්ඩන් නුවර තරම් දුරක සිට නම් නොවන බව දැන් ඉතා හොදින් පැහැදිලි වි තිබේ.
එබැවින් තමන් නොදන්නා දේ ගැන ලිවිමට යාමෙන් තමන්ද හෑල්ලු වි සත්‍යයද හෑල්ලුවට ලක්විම පමණක් අවසානයේදි ඉතිරි වනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article