spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පුත්තලම නගරයේ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යෑමක් ?

Must read

dengi artමෙි දිනවල කඩින් කඩ වැසි ඇද හැලිම ආරමිභ වි ඇති අතර පුත්තලම නගර සභා සීමාව තුළ ඩෙංගු රෝගින් ගේ සංඛ්‍යාවේ ඉහල නැගිමක් දක්නට ඇති බවත් ඊයේ  (13)  දා – දහවල් වන විට පුත්තලම රෝහලට ඩෙංගු වැළදි අසාධ්‍ය තත්ත්වයට පත් රෝගින් 116ක් ඇතුළත්ව සිටි බවත් රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ආර් නගුලනාදන් මහතා පැවසීය.
පසුගිය ඔක්තෝබර් මාසයේ රෝගින් 350 දෙනෙකු ඩෙංගු රෝගය වැළඳී මෙම රෝහලෙන් වෛද්‍ය ලබා ගිය බවත් එහි ප්‍රතිශතය අනුව ඩෙංගු රෝගින්ගේ වැඩිවිමක් දැක ගත හැකි වන බවත් ඒ මහතා පවසන ලදී.
පසුගිය දිනවල රෝගින් හතර දෙනෙකු මිය ගොස් තිඛේ.
සාමාන්‍යයෙන් විවිධ රෝගින් 600 ට වැඩි ප්‍රමාණයක් දෛනිකව බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව යන අතර උණ රෝගින් ද ඒ අතර සිටින බවත් උණ රෝගින් පැමිනි වහාම එම රෝගින්ගේ රුධිර පරික්ෂණයක් සිදු කර යම් අයෙකුට ඩෙංගු උණ වැළඳී ඇතැයි හඳුනා ගත හොත් එම රෝගියාට නේවාසිකව ප්‍රතිකාර ලබා දිමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඒමහතා පැවසීය.
මෙි දිනවල කඩින් කඩ ඇද හැලෙන වර්ෂාව නිසා විශේෂයෙන්ම නිවාස වහල මත ඇති වතුර ටැංකි සම්බන්ධයෙන් දැඩි ලෙසින් පරික්ෂාකාරිව සිටින ලෙසත් ඒ මහතා පුත්තලම නගර වාසින්ගෙන් ඉල්ලා සිටි මෙි අතර පසුගිය දිනවල සෞඛ්‍ය අංශ මගින් සිදු කරණ පරික්ෂණ අනුව නගරයේ ඇති ඇති ම් ලිං වල ද ඩෙංගු කීටයන් සිටි බව අනාවරණය කර ගත් බවත් ඔහු පවසන ලදී.
මෙවන් තත්ත්වනයක් තුළ පුත්තලම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක එන් සුරේශ් මහතා පෙරේදා (12 දා) මැර ප්‍රහාරයට ලක්ව සිටි අතර එම පහර දිම සිදු කළ මැර කණ්ඩායම මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති අතර වහාම එම සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලමින් විරෝධය පල කරමින් නගර සභාවෙි සියලු කාර්ය මන්ඩල සාමාජීක සාමාජීකාවන් ඊයේ 13 දා – සිට සිය සේවා කටයුතු වලින් බැහැරව සිටින බව නගර සභාවේ උසස් නිලදාරියෙකු පැවැසු අතර එය නගරයේ කෑළි කසල ඉවත් කිරිමට දැඩි දෙසින් බල පා ඇති බවත් හෙලි විය.
පුත්තලම නගර සභා සීමාවෙි ඩෙංගු රෝගි තත්ත්වය ගැන විමසු අවස්තාවේ දි පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණි හර්ෂීණි මහත්මිය තමන්ට කිසිදු තොරතුරක් ලබා දිමට අවසර නැති අතර අවශ්‍ය විස්තර පලාත් අධ්‍යක්ෂවරයාගෙන් ලබා ගන්නා ගෙස දැන්විය.


ඔගස්ටින් ප්‍රනාන්දු-හලාවත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article