කයිට්ස් පොලිසිය බිලිගත් ජිවිතය ගැන හදකම්පා කරවන තවත් කතාවක් !

0
288

යාපනයේ අල්ලයිපිටියේදී කයිට්ස් පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද පිරිමි ළමයාගේ අවසන් කටයුතු ඊයේ (බ්‍රහස්පතින්දා 12) ඔහුගේ ඥාතීන්ගෙ විරෝධතා මධ්‍යයේ  මධ්‍යයේ වඩුකෝට්ටෙයි – චිත්තන්කර්නි හි දි  පැවැත්විණි.

දේහය නිවසේ සිට සුසාන භූමියට ගෙන යන තෙක් එහි සිටියේ 20 දෙනෙකු පමණි. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පවුලේ සාමාජිකයන් වූහ. කාන්තාවන් සහ දරුවන් 15 දෙනෙකු පමණ සිටියහ; පිරිමින් පස් දෙනෙකු පමණ විය..

ඉතාමත් සිමිත පිරිසක් එක්ව සිටි මේ අවමඟුල් පෙරහැර නිවසේ සිට සුඩාලයි දක්වා යාමේදි දැඩි සෝදිසි කිරීමක් සිදුවෙමින් තිබුණි

. පොලිස් කොට්ඨාශ තුනකින් වාහන එවා  ඇත.

මේ බොහෝ අවස්ථාවල  කාන්තාවන්ට එක්ව දේහය රැගෙන යාමට සිදු වූ තත්වයක් එය විය

. “කිසිවෙකු නොපැමිණියේ ඇයි?” යනුවෙන් ඇසූ විට, පවුලේ අය දුන්නේ එක් පිළිතුරක් පමණි – බිය.

මෙම පවුලට පීඩිත කුල පසුබිමක් ඇත. එය ආර්ථික වශයෙන් ද දුර්වල ය. මෙම පිරිමි ළමයා පවුලේ වැඩිමලා ය. ඔහුට පහළින් 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාල සහෝදරයෙක් සිටී. තවත් ගැහැණු ළමයින් හතර දෙනෙක් සිටිති.

හරි-වැරදි වාද විවාදවලින් ඔබ්බට, පිරිමි ළමයෙක් මිය ගොස් ඇත.FB IMG 1770946526006

ඔහුගේ අවමංගල්‍යයේදී ප්‍රජා නියෝජිතයන් කොහෙද?
පක්ෂ කීයක්ද? මන්ත්‍රීවරුන් කීයක්ද? ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කීයක්ද? ප්‍රගතිශීලී සංවිධාන කීයක්ද? ප්‍රගතිශීලීන් කීයක්ද? නූතන අම්බෙඩ්කාර්වරු ආවාද?

දේශපාලනය යනු පීඩිතයන්ට හඬක් නැති අය වෙනුවෙන් හඬක් ලෙස නැගී සිටීම නොවේද?

(Kumanan kana ගේ ෆේස්බුක් පිටුවෙනි)

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here