ආලෝකා ලංකාවට කලූ ට මොකද වෙන්නේ ???

0
134

 

මේ දිනවල, මෙරට පැවැත්වෙන සාමය සඳහා වු පා ගමන පිළිබඳව ලෝකයේම අවධානයට ලක් වී තිබේ. එලෙසම එම සාම පා ගමනට සහභාගී වන විදෙස් බෞද්ධ ස්වාමින්වහන්සේලා පෙරටු කරගත් ආලෝකා නම් සුනඛයා පිළිබඳවද ලෝකයේ වැඩි දෙනෙකුගේ දැඩි අවධානයකට ලක්ව තිබේ.
මේ වන විට ආලෝකා නැමැති එම සුනඛයාද මෙරටට පැමිණ ඇති අතර, එම සුනඛයාද මෙම සාම පා ගමනට සහභාගි වීම පිළිබඳව ලොව බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයකට ද ලක්ව ඇත. ආලෝකා යනු ඉන්දියාවේ කල්කටාවේ වීදි සරණ සුනඛයෙකි. එහෙත් අද ආලෝකා යනු මෙරට පමණක් නොව ලොව බොහෝ රටවල වැඩිදෙනකුගේ විශේෂයෙන්ම රාජතාන්ත්‍රික මට්ටමින් පවා ගෞරවාදරයට පාත්‍ර වන සම්පතක් බවට පත් ව ඇත.

එවන් වාතාවරණයක් පවතින මේ දිනවල මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ, පාසල් පටුමග වාස භූමිය කරගත් ” කලූ ” නමින් හඳුන්වන වීදි සරණ සුනඛයෙකු එම පාසැල් පටුමගෙන් වෙනත් ප්‍රදේශයකට නෙරපා දැමීමට හෝ පලවා හැරීමට එම ප්‍රදේශයේම වෙසෙන මනුසත් බවට නිගා දෙන පුද්ගලයෙකු කැස කවන පුවතක් පිළිබඳව පසුගියදා මීගමුව තුළ කාගෙත් කතාබහට ලක් වුහ. ඔහුගේ නිවසේ සුරතලයට ඇති කරන මිල අධික සුනඛයාට, කලු නමැති මෙම වීදි සරණ සුනඛයා නිතරම කේන්තියෙන් බුරන නිසා ඔහුගේ එම මිල අධික සුනඛයාට නිදහසේ සැරිසැරීමට නොහැකි වී තිබීම නිසා , මේ වීදි සරණ සුනඛයාව වහාම එම පාසල් පටුමගින් ඉවත්කර වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට ඔහු විසින් අවස්ථා කිහිපයකදීම කටයුතු කර තිබිණි.

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක සේවය කරනවා යැයි කියන  මෙම පුද්ගලයා මෙම “කලු” නමැති මෙම වීදි සරණ සුනඛයාව ඒත්තුකාල ,පාසැල් පටුමග ප්‍රදේශයෙන් පන්නා දැමීමට මීගමුව මූලස්ථාන පොලිසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ මෙම වීදි සරණ සුනඛයා නිසා එම පටු මගේ වෙසෙන ජනයාට හිරිහැරයක් හා බාධාවක් සිදුවන බව සඳහන් කරමිනි. ඒ පිළිබඳව පොලිස් විමර්ශනයක් දැනට දින කිහිපයකට පෙර මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයේ සිදු කිරීමට නියම කර , ඒ සඳහා පැමිණිලි පාර්ශ්වයට සහ කලූ නැමැති මෙම වීදි සරණ සුනඛයාට ආහාර පාන ලබාදෙන කිහිප දෙනෙකුටද එම විමර්ශනය සඳහා පැමිණෙන ලෙස මීගමුව මූලස්ථාන පොලිසිය විසින් දන්වා තිබු බව ද වාර්තා විය.

එහෙත් කලූ නමැති මෙම වීදි සරණ සුනඛයාව එම සුනඛයා වෙසෙන ප්‍රදේශයෙන් පන්නා දමන ලෙස පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයා   ත එම විමර්ශනය සඳහා පැමිණ තිබුණේ නැති බවද මෙහිදී වැඩිදුරටත් වාර්තා විය.

මෙරට සත්ව හිමිකම් සහ සත්ව අයිතිවාසිකම් පිළිබඳ වූ නීති රීති සංග්‍රහයක් පවතී. ඒ අනුව යම් පාරක , මාවතක, පටු මඟක හෝ වෙනත් පොදු ස්ථානයක් ආශ්‍රිතව වෙසෙන වීදි සරණ සත්වයෙකු විශේෂයෙන්ම වීදි සරණ සුනඛයෙකු, එම සත්වයා වෙසෙන, සහ එම සත්වයාට හුරු ස්ථානයකින් හෝ ප්‍රදේශයකින් තවත් ස්ථානයකට හෝ ප්‍රදේශයකට රැගෙන යාම හෝ පන්නා දැමීම සහ පන්නා දැමීමට උත්සාහ කිරීම නීති විරෝධී ක්‍රියාවකි.

එමෙන්ම එය සත්ව හිමිකම් සහ සත්ව අයිතිවාසිකම් කඩ කිරීම පිළිබඳව දඬුවම් ලැබිය හැකි වරදකි. එවැනි තත්ත්වයක් තුළ කලූ පිළිබඳව මීගමුව මූලස්ථාන පොලිසිය ගන්නා වූ ඉදිරි ක්‍රියා මාර්ගයන් පිළිබඳව මීගමුවේ බොහෝ දෙනෙකු මේ දිනවල දැඩි අවධානයකින් යුතුව බලා සිටින බව පමණක් සඳහන් කළ යුතුව ඇත.

කලූ පිළිබඳ වූ පොලිස් විමර්ශනයක් නැවත වරක් එළඹෙන 25 (25/04/2026) වැනි සෙනසුරාදා දින පෙරවරුවේදී පැවැත්වීමට නියමිතව ඇති බවද වාර්තා වුණි.

ඒ අනුව එම විමර්ශනය පිළිබඳව සත්ව ලැදි බොහෝ දෙනෙකු සමග ඒත්තුකාල ප්‍රදේශයේ වෙසෙන අපද මීගමුව මූලස්ථාන පොලිසියේ එම අවසන් තීරණය දෙස අප මහත් ඕනෑකමින් යුතුව බලා සිටිනෙමු

පවණි අල්විස්
ඒත්තුකාල , මීගමුව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here