spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

Keels ලාට කරන්න බැරිවුන වැඩේ “සේහස” ලා කරපු හැටි

Must read

keellslogo

මීගමුව තෙල්වත්ත හංදියේ keels super k තිබුන කාලේ එතනින් LED බල්බ් එකක් ගත්තා . එ පසුගිය දෙසැම්බර් මාසේ වගෙ. ඔරේන්ජ් වර්ගයේ මේ බල්බ් එකට අවුරුදු 2 කක වගකිමකුත් තිබුණා.
නමුත් ඒක දැනට සතියකට විතර කලින් පත්තු වෙන්නෙ නැතිව ගියා.
ඉතින් මම ඒකත් වොරන්ටි කාඩ් එකත් අරන් දැන් අලුතිත් තෙල්වත්ත හංදියේ දාල තියෙන කීල්ස් එකට ගියා. ගිහින් විස්තරේ කිව්වා. මැනේජ් මහත්තයෙකුත් හම්බවුනා.නමුත් එයාල කිව්වේ keels super k එකත් එක්ක එයාලාගේ සම්බන්ධයක් නැති නිසා මාරු කරගන්න වැඩපිළිවෙලක් නැති බවයි.
තවදුුරටත් ඔහු කියා සිටියේ ඔහු දන්නා තරමින් පිළියන්දල keels super k ඇති බවත් එතනින් මාරු කරගන්නා ලෙසත්ය.
පසුව ඒ අදහස අතහැර බෝලවලාන රණතුංග බිල්ඩිමේ ඇති සේහස ඉලෙක්ට්‍රිකල් කඩෙන් අලුත් බල්බ් එකක් ගන්න ගමන් මට වෙච්ච අකරතැබ්බෙ කිව්වා.
එතන හිටපු සේවකයක් ඇහැව්වා ඒ බල්බ් එකයි වොරන්ටියයි තියෙනවද කියල.මම එවෙලෙ ඒක ගෙනත් දිලා කිව්වේ වැඩේකරගත්තම ෆාමසියේ සනත්ට පණිවිඩයක් දෙන්න එයා මට දෙයි කියල.
නැ දැන්මම මාරුකරල දෙන්නම් කිව්වා. අලුත් බල්බ් එකක් හම්බවුනා. අලුත් වොරන්ටියකුත් එක්ක.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article