spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අලුත් පාරක ළමුන් රැගෙන ගිය ගුරුවරියක්

Must read


=============================·
ඇය ඔවුනට පෙළ පොත්වල පිටු හෝ එහි කඩදාසිවල ඇති දෑ ඉගැන්වුයේ නැත

ඒ වෙනුවට කීවෙි වෙනස් කරන්න ඔබෙි අධ්‍යාපන ක්‍රමය ! වෙනස් කරන්න ලෝකය !

එරීන් ගෘෘවෙල් -Erin Gruwell

1990 ගණන්වල මුල් භාගයේදී, කැලිෆෝනියාවේ ලෝන්ග් බීච් හි වුඩ්‍රෝ විල්සන් උසස් පාසලේ විශේෂ පන්තියක් ගැන එහි ගුරුවරුන්ට හැගුනේ මෙවන් ආකාරයකටය “ඔබට ශිෂ්‍යයෙකු පන්ති කාමරයක තැබිය හැකිය, නමුත් ඔබට ඔවුන්ව ඉගෙන ගැනීමට සැලැස්විය නොහැක.”
මක් නිසාද එම පන්තියේ සිටි දරුවන් 150 දෙනාම බොහෝ විට ප්‍රචණ්ඩකාරී වූ අතර- ජාතිවාදයෙන්, මත්ද්‍රව්‍යවලින්, කල්ලිවලින් සහ බලාපොරොත්තු සුන්වීමෙන් පිරුණු යෞවන යෞවනියන් විය පන්ති කාමරයේ අංකය 204 විය


1994 වරශයේ මෙම පාසලට තරුණ ගුරිවරියක් සිය මුල්ම පත්වීම ලබා පැමිනි විට විදුහල්පතිවරයා ඇයට බාර දෙන්නේ උක්ත 204 සටහන් පන්ති කාමමරයයි පළමු දවසේම ඇය ඔවුන්ව තේරුමිගත්තා විය හැක දෙවන දවසේ ඇය පන්තියේ දරුවන්ගෙන් මෙසේ ඇසුවාය ඔයාල Schindler’s List චිත්‍රපටිය බලල තියෙනවද ?
එකෙකු හෝ ‘‘ ඔවි ‘‘ කීවෙි නැත
හරි එහෙනන් අද පාඩම ඒක තමයි යමු අපි Schindler’s List බලන්න . ගුරුවරිය සිය පසුමිබියෙන් සියලු දරුවන්ගේ ප්‍රෙවිශ පත් සදහා මුදල් ගෙවීය


කොතැනක ප්‍රචන්ඩත්වය කිබුනද කොතැනක කොන්කිරීම කිබුනද එතැනම සාමයත් එතැනම වැළදගැනීමක් ඇති බව මෙි දරුවෝ පළවෙනි වතාවට ඉගෙන ගත්හ ඔවුහු සිනමා ශාලාවෙන් එළියට ආවෙි කදුලු සලමින් බව කියවෙි
අපේ මෙි පවසන්නේ Spirit of Anne Frank සම්මානය, Harvard-Radcliff Association Educator 2000 සම්මානය සහ අඛණ්ඩව වසර තුනක් සඳහා කැලිෆෝනියාවේ හොඳම ගුරුවරයා සම්මානය, දිනාගත් ඒ අලංකාර එරීන් Gruwell ගැනය


ගුරුවරිය එතැන් සිට කළකෝලහලින් යුද්ධ වලින් ඡාතින්ගෙන් හා ආගමිවලින් පමණක් නොව සිය ශරීරයේ වර් ණය නිසාත් බැට කෑ විතැන් වු සහ අවමානයට පාත්‍ර්‍රවූ මිනිසුන්ගේ ලෝක ප්‍රකට කතාන්දර මෙි දරුවන්ට කියා දුන්නාය එරීන් පළමුවෙන්ම ඔවුනට ඉගැන්වුයේ ඈන් ෆෑන්ක්ගේ දින පොතයි ෆ්‍රෑන්ක්ගේ ලෝකය මෙන් තම සිසුන්ට ඔවුන්ගේ ලෝකය යුද කලාපයක් ලෙස හැඟෙන්නේ නම් එවන් භීෂණයක් තුල පවා ලෝකය ලස්සනයැයි දකින,ඈන් ෆෑන්ක් විතර ඔවුන්ටත් එතරම් තනිකමක් දැනෙන්නේ නැති බව ඇය විශ්වාස කළාය.
ඇය ප්‍රථම වරට ජාතික අවධානයට ලක්වූයේ 1998 දී ඇය සහ ඇගේ සිසුන් 150 දෙනෙකු කොනී චුන්ග් සමඟ ABC විශේෂ ප්‍රයිම් ටයිම් සජීවී වැඩසටහනකට පෙනී සිටි අවස්ථාවේදීය.


තවත් මාස කිහිපයකදී ඔවුන්ගේ පන්ති වැඩ වලට අමතරව, Gruwell ඇගේ ශිෂ්‍යයන්ගේ අතීතය, වර්තමානය සහ තමන්ට අනාගතයේ ඇතිවිය හැකි යැයි සිතන කරදර ගැන නිදහසේ ලියා දෙන්නැයි කීවාය දරුවන් 150 දෙනාම තමන්ගේ කතාන්දරය අඩුත් නැතිව වැඩිත් නැතිව නිදහසේ ලියා තිබිනි
1999 දී එරින් සිය දරුවන්ගේ වෙිදනාවෙි හඩ පොකක් ලෙස ප්‍රකාශකල අතර එයට The Freedom Writers Diary, යන නම තැබුවාය, ද ෆ්‍රීඩම් රයිටර්ස් එය දුෂ්කරතාවයේ සිට බලාපොරොත්තුව දක්වා ඔවුන්ගේ අද්විතීය ගමන විස්තර කළේය. මෙම පොත නිව් යෝර්ක් ටයිම්ස් හොඳම අලෙවි අංක 1 බවට පත් වූ කෘතිය යැයි පුකාශකල අතර එකී කතාන්දර මුල්කොට Freedom Writers Diary චිත්‍රපටිය බිහිවිය එහි දෙවරක් ඇකඩමි සම්මාන දිනු හිලරි ස්වෑන්ක් එරින් ලෙස රඟපෑවාය


පරීක්ෂණ හා විභාග සමත් වන ආකාරය සිසුන්ට ඉගැන්වීම වෙනුවට, ගෲවෙල් විසින් නාගරික ඇමරිකාවේ සිසුන්ගේ යථාර්ථය වු ඉතිහාසය පුරාවටම යුද්ධයේ ප්‍රචණ්ඩත්වයේ වෙනස් කොට සැලකීමෙි නරකම උදාහරණ සමඟ තමාව සහ තමා එහි සිටින ස්ථානය සංසන්දනය කිරීමට ක්‍රමයක් දරුවන්ට සොයා දුන්නාය එනමි කතාව තුල. තමාම ප්‍රකාශයා වීමෙින් සහ ඉන් නිදහස් වීමෙන්
දරුවන්ට සිරගෙදර මාවත පාසල විසින්ම සුදානමි කල පරිසරයක එරින් ගෘෘවෙල් නැමැති ඒ ලස්සන ගැහැණිය සිය පන්ති කාමරයේ ඒ මාවත තෝරා ගැනීමට නියමිත දරුවන් 150 ක් දෙනෙක් වෙනස් මාවතකට යොමුකරවමින් සියල්ලන්ව උපාධි සහිතව සමාඡය වෙත තිලින කලාය

( උපාලි ජයසිංහ ගේ සටහනකි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article