spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තහනම් කොටුදැල නැවත මුහුදට. තෙප්පම් ධීවරයා අවධානමේ.෴

Must read

IMG-20200118-WA0008 IMG-20200118-WA0012මීගමුව , වැල්ලවීදිය සහ අවට ප්‍රදේශවල ජීවත්වන තෙප්පම් ධීවරයා ප්‍රධාන ප්‍රශ්ණ දෙකක් මත පීඩාවට පත්ව සිටී. එක ප්‍රශ්ණයක් වන්නේ මේ දිනවල මාළු හිඟ වීමයි. දෙවැන්න තමන්ගේ සීමාවේ බෝට්ටු වලින් පැමිණ මාළු අල්ලා ගෙන යාමයි. තම එදිනෙදා වේල පිරිමසා ගනිමින් , පවුල නඩත්තු කරගෙන ජීවත්වන සුළු ධීවර ජනතාවට එය ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්නා සේ විය තෙප්පම් රස්සාව දිගු ඉතිහාසයකට නෑකම් කියන රස්සාවකි . ගැඹුරු මුහුදට නොයන ඔවුන් ගොඩ මුහුදේ පමණක් රස්සාව කරයි . එය සුළු ධීවරයාට අතීතයේ සිට පැවතෙන උරුමයක් බව එම අතීතය විමසා බැලීමේදී පැහැදිළි වේ. නමුත් අද මෙසේ කරන කොටුදැල් රස්සාව නිසා තමන්ගේ සීමාව තුළ පිටස්තරයින් බවට පත්වීමට සිදුවී ඇති බව ඔවුන් පවසයි . මේ අනුව තෙප්පම් රස්සාව කළ හැක්කේ මාස 6කි. ඉනුත් ඔවුන්ට නිසිලෙස මාළු ඇල්ලීමට හැකි වන්නේ මාස 3 ක කාලයක් පමණි .නමුත් අවුරුද්දේ හැමදාම රස්සාව කරන බෝට්ටු ධීවරයින් කරන මේ අසාධාරණය තවදුරටත් ඉවසා සිටිය නොහැකි බව ඔවුන් පවසයි . එමෙන්ම මේ අය වර්ග කිහිපයක දැල් වලින් විශාල මාළු ප්‍රමාණයක් අල්ලා ගෙන යන බවත්, ඔවුන් කුඩා දැල් කිහිපයකින් කුඩා මාළු ප්‍රමාණයක් අල්ලා ගන්නා බවත් පවසයි .මේ තත්වය මත මුහුදේ නිතර ගැටුම් ඇතිවිය. නඩුහබ ඇති විය. අදත් ඔවුන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව සාධාරණයක් ඉටුකර දෙනමෙන්ය. ඒනිසා අප අදාල බලධාරීන්ට සහ දේශපාලකයින්ට අවධාරණය කර සිටින්නේ නැවත මුහුදේ ලේ වැගිරීමක් ඇති නොවන ලෙස කටයුතු කර මෙම ප්‍රශ්ණය වෙනුවෙන් මැදිහත් වන ලෙසය .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article