spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බලපත්‍රය යාවත්කාලින නොකළ ගිණිඅවිය සහ මිගමු පොහොට්ටුවේ ගැටුම …???

Must read

qatar-protest-hand-fist-clash-fight-qatar-flag-as-background-vector-94154618බලපත්‍රය යාවත්කාලින නොකළ ගිනිඅවියක් ලගතබාගත්තේ යැයි කියා මිගමුවේ හිටපු නාගරික මන්ත්‍රිවරයෙකු  පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණ අතර පසුව ඔහුට ඇප ලැබි තිබුණි.
මෙසේ ඇප ලැබි තිබුනේ මිගමුවේ හිටපු නාගරික මන්ත්‍රිවරයෙකු වන බන්දුල නාඔටුන්නටය.
මෙම ගිණි අවිය ඔහු සතුව ඇති බව පොහොට්ටු දේශපාලකයන් දන්නා බවත් , මේ කුමන්ත්‍රණය පිටුපස මිගමුවේ එක්තරා දේශපාලන පවුලක්  සිටින බවත් මිපුර වෙබ් අඩවිය කළ විමසුමකදි මීගමුවේ ජේෂ්ඨ පොහොට්ටු  දේශපාලකයෙකු කියා සිටියේය.
මෙම අත්අඩංගුවට ගැනිම සිදුවු විගස අදාල දේශපාලන පවුලට  හිතවත් එක්තරා මාධ්‍යයකද මෙය පළව තිබිමෙන් ඒ සැකය වඩාත් තහවුරු වු බවද ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේය.
කෙසේ වෙතත් මැතිවරණ  සමයේදි පුපුරා ගිය මේ පොහොට්ටු ගැටුම මිගමු දේශපාලනය තුල තිරණාත්මක කඩඉමක් ඉදිරියේදි නිර්මාණය කරනු ඇතැයි සවිඥානක දේශපාලන කවයන් අතර මේ දිනවල පුළුල් කථාබහක් නිර්මාණය වි තිබිමෙන්ම පෙනි යමින් තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article