spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ ආපනශාලා වර්ගීකරණය නොකර සංදර්ශන පවත්වන PHI මහත්තුරු !

Must read

78563058_2485622611762090_4048939805369696256_o79142848_2485622305095454_6239447820105940992_oහෝටල් වල ප්‍රමිතිය වර්ගිකරණය සදහා ක්‍රියාත්මක H 800 වැඩසටහන මීගමුව තුල ක්‍රියාත්මක කරන්නට සුදානම් වුයේ 2006 පමණ සිටය.  හෝ
එහෙත් එය කිසිදාක එළියට පැමිණිෙය් නැත.    එදා මෙදා තුර සෞඛ්‍ය අංශයට අදාල සියළුම බලධරයන්ගෙන් මේ ගැන විමසා සිටිය  ද ලැබුණේ  එකම පිළිුතුරකි.
එනම් බාලගිරි දෝෂය අද නොවේ හෙට යනුවෙනි.
එහෙත් මේ සෞඛ්‍ය ලොක්කන්ගේ හෙට කිසිදාක උදාවුයේ නැත.
මේ නිසාම   මීගමුවේ    ආහාර පාන ක්ෂේත්‍රයේ වෙළෙන්දෝ ඇති තරම් පිස්සු කෙලිති.
කද පමණක් ඩිජිටල් ඔළුව කචල්    පාලකයන්ගේ   පාලනයේ    ඇත්තම     ඇත්ත මෙයයි.
මිගමුව මහනගර සභාවේ වැඩිම කාලයක් සෞඛ්‍ය කමිටු සභාපතිවරයා වුයේ සෞඛ්‍ය ගැන මෙලෝ මල බෝලයක් දන්නේ නැති දයාන් ලංසාය. දැන් ඔහු නගරාධිපතිය.
මේ බහුතරයක් PHI මහත්තුරු ලංසලාට බයය. ලංසාට උඩින් ගියහොත් සිදුවන දේ ඔවුන් දනි.එබැවින් ඇතමෙකු ලංසාකරණය වි මිගමුවෙන් දැන් හොද හැටි හම්බකරගෙන සිටිති.78411568_2485622138428804_6612684554052304896_o
ගමෙන් පැමිණ වසර දෙක තුනක් යන්නට මත්තෙන් මාළිගාවල් වැනි ලොකු ගෙවල් හදන්නට තරම් පින්වන්ත වු PHIලාද සිටිති.
කෙසේ වෙතත් අපේද මිතුරන් වන ඇතමුන් දැන් නම් පතෝල වැනිය. ගුණත් නැත අගුණත් නැත
දැන් මිගමුවේ සියල්ල සිදුවන්නේ සෞඛ්‍ය ප්‍රතිපත්ති හෝ නීතිවලට අනුව නොවේ. ලංසා පවුලේ කැමැත්ත අකැමැත්ත උඩය.
අල්ලන්න ඕන හෝටලය තින්දු වන්නේද එලෙසින්ම.
මිගමුවෙු වසර ගණනක් තිස්සේ සිටින ගුණරත්නලා වැනි PHI  මහත්තුරුන්ගෙන් අප අසන්නේ මිගමුවේ ආපනශාලා වර්ගිකරණය කිරිම කිරිම නොකරන්නේ සැබැවින්ම දයාන් ලංසා ඊට ඇකැමැති නිසා නොවේද යනුවෙනි.
එහෙත් මේ ප්‍රශ්ණයට අප මිත්‍ර ගුණයාටද උත්තර නැති බව අප දනිමු.
ඉතින් මිගමුවේ දැන් සිදුවන්නේ සංදර්ශනම පමණි.
සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි තුමෙනි කෝ  බල්ටි ???    විසිල් විතරමයිනේ??

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article